ඒක තනි කළු අලුත් වැඩක් – Drill Team

Hip Hop Music කලාව ලංකාව තුළ අගාධයකට යන අවදියක දක්ෂ ලෙස තමන්ට ආවේණික වූ ආරයකින් Hip Hop Music තුළින් සමාජයට අර්ථාන්විත නිර්මාණ බිහිකරන කණ්ඩායමක් ලෙස ” Drill Team ” හඳුන්වන්න පුළුවන්. Drill Team එකේ අලුත් වැඩක් කෙරෙනවා ලු. ඒ ගැන Shades of Lotus අපි එක්ක Drill Team සාමාජික Born Manasick එක්ක කතාබහ කළා.

ඉතිං Born Manasick මොකක්ද මේ Drill Team එකේ අය කරන්න යන අලුත්ම වැඩේ?

  • කාලෙකින් අපි අපේ රසිකයෝ අතරට යන දෙයක් කරලා තිබුණේ නැහැ. නමුත් සෑහෙන කාලෙක ඉඳලා අපේ හිතේ තිබ්බා Concert එකක් කරන්න ඕනේ කියන අදහස. කලින් Team එකේ හැමෝම කාර්ය බහුල වෙලා හිටියේ. ඒත් ඉතිං හැමෝම එකතු වුණු මේ වෙලාවේ Concert එකක් කළොත් හොඳයි කියලා අපි හිතුවා.

Concert එක ගැන විස්තර කිව්වොත් ? 

  • Drill Team තනි කළු Live Concert එක අගෝස්තු 12 ඉරිදා සවස 7.30 ට පිටකොටුව පැරණි නඟර ශාලාව අසල තමයි පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. ඇතුල්වීම නොමිලේ. තනි කළු ඇඳලා එන්න ඕනි.

 Drill Team එකත් එක්ක එදාට එන අනිත් අය කවුද ?

  • සමිත් ගෝමස් , Yuki , i Clown , Rude boy Ray , OJ da Tamil Rapper ඇතුළු පිරිස Drill Team එක්ක එදාට Perform කරනවා. අලුත් වැඩ ගොඩක් එදාට කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ තාම Release නොවුණු අලුත් Tracks කිහිපයක් එදාට අහන්න ලැබෙයි.

ලංකාවේ තියෙන අනිත් Hip Hop Concerts එක්ක මේ Concert එක වෙනස් වෙන්නේ කොහොමද ?

  • අපි කොහොමත් කරන්නේ වෙනස් දේවල්.මිනිස්සුන්ට දැනෙන සමාජයට වැඩක් ඇති දෙයක් කරන්නයි අපිට ඕනේ. රැල්ලට ගිහින් ජනප්‍රිය වෙන්න නෙවෙයි හොඳ දෙයක් කරලා වැනසිලා තියෙන Hip Hop Music හොඳ තත්ත්වයට අරන් සමාජයේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නඟන්නයි අපේ අරමුණ.

මුදල් මතම හැමදේම තීරණය වන කාලෙක ඇයි Drill Team එක මේ Concert එක නොමිලේ කරන්න හිතුවේ?

  • ඇත්තටම අපි Music කරේ සල්ලි හම්බකරන්න නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති අපි වෙනස් දේවල් කරන්න පෙළඹුණේ. අපේ නිර්මාණවල මූල්‍යමය පරමාර්ථයක් නැති නිසා අපිට හරියට බය නැතුව අපිට ඕනේ දේ නිර්මාණය කරන්න පුළුවන්. අපේ කණ්ඩායමේ සියලු දෙනා හොඳ තැන්වල රැකියාවන්වල නිරත වෙනවා. ඒ නිසා සංගීතෙන් මුදල් උපයන්න අවශ්‍ය නැහැ. අපේ Fans ලාට අපෙන් යමක් විය යුතු නිසාම අපි මේ concert එක නොමිලේ කරන්න හිතුවා. 

ඇයි මේ තනි කළු කියලා දැම්මේ?

  • අපේ Concert එකට එන්නේ 10 ද 20 ද 100 ද යන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ එන හැමෝම එක අරමුණකට ගන්න. එක විදිහට හිතන්න පටන් ගන්න. Hip Hop Music වල Level එක හරියාකාරව තේරුම් කරලා දෙන්න. එතකොට Concert එකෙන් පස්සේ අහන හැම සිංදුවක්ම Fans ලා විදිහට හරි මනසකින් අහලා රසවිඳී කියලා අපි හිතනවා. ඒ නිසායි අපි තනි කළු කියලා Theme එකක් හදා ගත්තේ. එදාට එන්න ඕනෙත් තනි කළු ඇඳන්.

එදාට තවත් හොඳ වැඩක් කරන්න ඉන්නේ කියලා Shades of Lotus අපිට ආරංචි වුණා. Borna ඇත්තද මේ කතාව?

  • ඔව් අපි එදාට පොඩි Donation එකක් Collect කරන්න හිතන් ඉන්නවා. කැමති අයට පමණක් මේ සඳහා දායක වෙන්න පුළුවන්. මේ එකතුවෙන මුදලෙන් රුපියලක්වත් අපි අපේ ප්‍රයෝජනයට ගන්නේ නැහැ. මහරගම පිළිකා රෝහලට හෝ ළමා නිවාසයකට පරිත්‍යාග කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි කරන දෙයකින් සමාජයට යහපත් දෙයක් කරන්නයි අපගේ අරමුණ වෙන්නේ.

ඉතිං Borna කිව්ව විදිහට තනි කළු ඇඳලා අගෝස්තු 12 සවස 7.30 ට පිටකොටුව පැරණි නඟර ශාලාව අසල ” Drill Team තනිකළු Live Concert ” එකේදී හමුවෙමු.

කතා බහ සහ සටහන දිළිණි උදාරි

2000total visits,4visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *