රජ පරපුරක ඉතිහාසය කියන කතා කරන පින්තුර

ඇය එලිසබෙත් බෝවෙස් ලියොන් ආර්යාව. 1909 දී ආචාර කරන්න හුරු වෙන මේ පින්තුරය ගනිද්දී එලිසබෙත් අවුරුදු නවයයි. දරුවෝ 10 දෙනෙකු හිටපු පවුලේ නව වෙනි දරුවා සහ බාලම දියණිය ලෙස ඉපදුන ඇය පසු කලෙක හයවෙනි ජෝර්ජ් රජතුමන්ට බිරිද වෙනවා.

එලිසබෙත් බෝවෙස් ලියොන් ආර්යාව

හයවෙනි ජෝර්ජ් රජතුමා එලිසබෙත් බෝවෙස් ආර්යාවට තුන්වරක් විවාහ යෝජනා කල බව සදහන්. නමුත් දෙවතාවක්ම ඇය එම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුනේ ඇයට රජ පවුලේ සාමාජිකාවක වන්නට අවශ්‍ය නැති බව පවසමින්. නමුත් ජෝර්ජ් රජතුමත් එලිසබෙත් මිසක් වෙන කිසිවෙකු විවාහ කර ගන්නේ නැතැයි දැඩි තිරණයක සිට තිබෙනවා. ජෝර්ජ් රජතුමන්ගේ මව වුනු මේරි රැජිනත් එලිසබෙත් බෝවෙස් ආර්යාව ගැන අපුරු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ “ බර්ටි ව සතුටින් තියන්න පුළුවන් එකම කෙනා එලිසබෙත් “ බර්ටි කියන්නේ හයවෙනි ජෝර්ජ් රජතුමන්ගේ පවුලේ අය ඔහු අමතපු නම.

කෙසේ නමුත් 1923 අප්‍රියෙල් 26 වෙනිදා වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී හයවෙනි ජෝර්ජ් සහ එලිසබෙත් බෝවෙස් ආර්යාව විවාහ වෙනවා. එම විවාහයෙන් අවුරුදු තුනකට පස්සේ ඉපදෙන දියණිය යෝර්ක් හි ආර්යාව එලිසබෙත්  කුමරිය ලෙසත් තවත් අවුරුදු හතරකට පසුව ඉපදෙන දියණිය මාග්‍රට් රෝස් ලෙසත් නම් තබනවා.

එලිසබෙත් බෝවෙස් ආර්යාව තමන්ගේ පුංචි දුවලා දෙන්නට දැඩිව ආදරය කල අයෙකු ලෙස සදහන්.  පුංචි එලිසබෙත් කුමරියට අවුරුදු පහක් වෙද්දී පොත්පත් හොදින් කියවන්න මෙන්ම සුඛෝපභෝගී ජිවිතයක් ගත කරත් අනාගතයේ දී රැජිනක ලෙස ඇයගේ වගකීම් මෙන් ම ගෘහණියක ලෙස ගෙදර දොරේ වැඩ කටයුතුත් ඉතා හොදින් ඉටු කරන්න එලිසබෙත් කුමරියට එලිසබෙත් බෝවෙස් ආර්යාව පුංචි කාලේ ඉදන්ම පුරුදු කරනවා. .

දෙවන ලෝක සමයේදී 18 හැවිරිදි එලිසබෙත් මිකැනික්වරියක සහ රියදුරුවරියක ලෙස

                              සහෝදරියෝ

ස්නෝඩන්හි අදිපාදිවරිය හෙවත් මාග්‍රට් කුමරිය රජ පවුලේ මතභේදකාරී සාමාජිකාවක් ලෙසින් ප්‍රකටයි, දෙවන ලෝක යුධ සීමාව අවසන් වෙද්දී විවාහක පුද්ගලයෙකු වූ යුධ හමුදා කණ්ඩායම් නායක පීටර් ටවුන්සෙන්ඩ්ට මාග්‍රට් කුමරිය පිස්සුවෙන් වගේ ආදරය කරන්න පටන් ගන්නවා. අනතුරුව 1952 දී ටවුන්සෙන්ඩ් තමන්ගේ බිරිද දික්කසාද කරලා මාග්‍රට් කුමරියට විවාහ යෝජනා කරනවා. නමුත් ඒ වන විට පැවති නිතිය අනුව එංගලන්ත පල්ලිය රජ පවුලේ කිසිවෙකුට දික්කසාද පුද්ගලයෙකු හා විවාහ වීමට අවසර දෙන්නේ නැහැ.

අවස්තානුකුලව ටවුන්සෙන්ඩ් එක්ක තිබුන සබදතා අත්හැරලා දාන මාග්‍රට් කුමරිය ඒ වෙනුවට ජායාරූප ශිල්පියෙක් වූනු ඇන්තනි ආම්ස්ට්‍රෝන් – ජෝන්ස් එක්ක විවාහ වෙනවා. අවාසනාවකට ඔවුන්ගේ විවාහය පවතින්නේ අවුරුදු 18ක් විතරයි. දික්කසාදයෙන් අනතුරුව මාග්‍රට් කුමරියට මිනිසුන් ගණනාවක් සමගින් සම්බන්දතා තිබු බවට ද චෝදනා එල්ල වෙනවා.

                                  දශක ගණනක ආදරයක්

තමන්ගේ යොවුන් විය නික්මෙන්නත් පෙර පටන් ම එලිසබෙත් කුමරිය සහ එඩින්බර්ග් හි ආදිපාදවරයා වූ පිලිප් කුමරා සමගින් ආදරයෙන් බැදිලා හිටියා. කොටින්ම කිව්වොත් එලිසබෙත්ට අවුරුදු 13 වෙද්දීම තමන් එක්ක වැඩි හිතවත්කමක් නැති මේ දුරස්ථ ඥාති සහෝදරයාට හිතින් ආදරේ කරන්න පටන් අරගෙන තිබුනා.

නමුත් සාමාන්‍යය ජනතාව සහ රජපවුලේ ද අදහස වුනේ ඔවුන්ගේ සම්පුර්ණයෙන්ම එකිනේකට විරුද්ධ ගති පැවතුම් සහ ඔවුන්ගේ තත්වය අනුව ඔවුන් අතර ගැලපීමක් තිබිය නොහැකිය යන්නයි. හය වෙනි ජෝර්ජ් රජතුමන් ද මෙම විවාහය පිළිබද දෙගිඩියාවෙන් පසුව තිබෙනවා. පිලිප් එතරම් ධනවත් නොවූ ග්‍රීක සහ ඩෙන්මාර්ක් රජ පවුල් වල ට නෑකම් කියූ අයෙක්. නමුත් සියල්ල සමබර කරගන්න අදහස් කරපු මේ රාජිකිය තරුණ යුවල එලිසබෙත් ට අවුරුදු 21 ක් වෙද්දී විවාහ වෙනවා, ඒ වෙද්දී පිලිප් කුමාරයට අවුරුදු 26ක් , 1947 අවුරුද්දේ. පිළිවලින් 1948, 1950, 1960,1964 දී එලිසබෙත් මවක් වෙන්නේ පුතුන් තිදෙනෙකු ට සහ දියණියකට මව වෙමින්. කෙසේ නමුත් පිලිප් සහ එලිසබෙත්ගේ දරුවන්ට හිමි වන්නේ සිය මවගේ වාසගම. මේ පිළිබද පිලිප් කුමරා නොසතුටින් සිටි බව ද පැවසෙනවා.

විවාහයෙන් අවුරුදු 5ක් ගෙවෙද්දී 1952 අවුරුද්දේ දී එලිසබෙත් කුමරියගේ පියා හයවෙනි ජෝර්ජ් රජතුමන් මිය යනවා. ඉන් අනතුරුව එලිසබෙත් කුමරිය දෙවෙනි එලිසබෙත් රැජින ලෙසින් කිරුළු පළදිනවා. ඒ වෙද්දී පිලිප්ගේ සහ එලිසබෙත්ගේ වැඩිමහල් පුත් කුමාරයා වුනු චාල්ස්ට යන්තම් අවුරුදු 3ක් විතරයි. වෙස්මිනිස්ටර් පල්ලියේ තිබුණු මෞලි මංගලයට ද පුංචි චාල්ස් කුමාරයා සහභාගී වෙනවා. එලිසබෙත් කුමරිය මහා රැජින වෙද්දී ඊළගට ඔටුන්න හිමි කුමාරයා වෙන්නේ චාල්ස්.

රැජින සහ දරුවන් 1972 වර්ෂයේ බැලමොරාල් වතු යායේ දී

                                   චාල්ස් සහ ඩයනා

චාල්ස් සහ ඩයනා ආදර කතාව පිළිබද නොදන්නා කෙනෙක් නැති තරම්. ඛේදනීය අවසානයක් උරුම වුනු චාල්ස් ඩයනා කතාව ඇරඹෙන්නේ 1977දී. 1977 දී ඔවුන් පළමු වරට මුණ ගැසෙනවා. නමුත් අසුව දශකය වනතුරු චාල්ස් කුමාරයා ඩයනාව සිය බිරිද කරගන්න හිතන්නෙවත් නැහැ. 1981 පෙබරවාරියේ දී චාල්ස් ඩයනාට විවාහ යෝජනා කරන අතර ඊට මාස කිහිපයකට පස්සේ ඔවුන් විවාහ වෙනවා. ඔවුන්ගේ විවාහ මුළු ලොවම වසග කල වැඩි දෙනෙක් නැරඹු විවාහය ලෙස ප්‍රසිද්ධයි.

1982 දී කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා ලෙසින් නම් කරන ලද දෙවෙනියට ඔටුන්න හිමි විලියම් කුමාරයා ඉපදෙනවා. ඒ චාල්ස් සහ ඩයනාගේ වැඩිමහල් දරුවා විදියට. ඉන් අනතුරුව දෙවෙනි දරුවා විදියට 1984 දී හැරී කුමාරයා රජ පවුලට එකතු වෙනවා.

නමුත් විවාහයෙන් වැඩි කාලයක් ගත වෙන්නත් ප්‍රථම ඩයනා කුමරියගේ විවාහ ජිවිතය වෙනස් වෙනවා. විලියම් කුමාරයා ලැබෙන්න සිටිද්දී එනම් ඩයනා තෙමස් ගැබිනියකව සිටියදී චාල්ස් ගැන ඩයනාට පළමුවරට සැක පහල වෙනවා. ඒ ඩයනා හා විවාහයට පෙර සිටම චාල්ස් සහ කැමිලා පාකර් අතර පවතින සම්බන්දතාවය පිළිබදව. විවාහක කාන්තාවක් සහ දෙදරු මවක් වුනු කැමිලා පසුකලෙක ඩයනා මිය ගියත් සිය අනියම් සබදතාව අත හරින්න ට සුදානම් වන්නේ නැහැ. අවසානයේ කැමිලා සිය අනියම් සබදතාවය ජය ගන්නේ චාල්ස්ගේ දෙවෙනි බිරිද වෙමින්. මේ සබදතා තොරතුරු දැනගත් ගැබිණි ඩයනා කිහිපවරක් සියදිවි නසා ගන්නට උත්සාහ කරනවා. දරුවන්ගේ උපතින් අනතුරව ද තරුණ ඩයනා ගෙවා දමන්නේ කටුක ජිවිතයක්.

1985 දී ඩයනා සහ දරුවන්

මාග්‍රට් කුමරිය සහ එලිසබෙත් කුමරිය වගේම හැරී සහ විලියම් එකිනෙකාට දැඩිව බැදුණු සහෝදරයන් දෙපලක් සේම හොදම මිතුරන් ද වෙනවා. පුණය කටයුතු සදහා මෙන්ම සිය විවේකි කාලයන් ද එකිනෙකට සැලසුම් කරන මේ සහෝදරයන්ගේ ශක්තිමත් බැදීම එලිසබෙත් මහා රැජිනගේ ද සුවිශේශි ආදරයට පාත්‍ර වෙනවා.

කෙසේ නමුත් 1997 දී විලියම් කුමරාට අවුරුදු 15ක් වෙද්දී ඩයනා කුමරිය හදිසි අනතුරකින් මෙලොව අත්හැර යාම විලියම් සහ හැරී කුමරුන්ගේ ජිවිත විශාල කඩා වැටීමකට ලක් කරනවා. ඩයනාගේ මරණ බොහෝ දෙනා දකින්නේ මිනීමැරුමක් ලෙසයි. කෙසේ නමුත් සිය කුඩා අවධියේ පටන් තමන්ගේ මව වුනු ඩයනා කුමරියගේ ජිවිතයට අනතුරක් තිබුණු බව විලියම් කුමරු දැන සිටි බව කියවෙනවා. වරක් සත් හැවිරිදි විලියම් කුමරු ඩයනා කුමරියට මෙසේ පවසා තිබෙනවා.

“ මන් දවසක ලොකු වෙලා පොලිස් නිලධාරියෙක් වෙනවා. එතකොට මට පුළුවන් අම්මාව ආරක්ෂා කරන්න “

එවිට පස් හැවිරිදි පුංචි හැරී ද අපුරු පිළිතුරක් දී තිබෙනවා

“ ඔහ්.. ඔයාට එහෙම කරන්න බෑ.. ඔයා ඉන්නේ රජ වෙන්න.. “

                                විලියම් සහ කේට් 

කේට් මිඩ්ල්ටන් ඉහල මධ්‍යම පාන්තික පවුලක තරුණියක්. උසස් අධ්‍යාපන කටයුතු වලදී හමුවන විලියම් කුමාරයා සමගින් ඇතිවෙන ප්‍රේම සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙසින් 2011 දී ඔවුන් විවාහ වෙනවා. 2010 වසරේදී ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ දී විලියම් විසින් කේට් හට පලදවන්නේ ඩයනා කුමරියගේ විවාහ ගිවිස ගැනීමේ මුදුවයි.

පිළිවලින් 2013,2015 සහ 2018 දී විලියම් සහ කේට් එක් දියණියකටත් පුතෙකුත් රජ පවුලට දායාද කරන්නේ මව්පියන් වෙමින්.

2013 දී උපන් ජෝර්ජ් කුමාරයා රජ කිරුළේ තුන්වෙනි උරුමකරුවා වෙනවා. ඒ චාල්ස් කුමාරයට සහ විලියම් කුමරුට පසුව. පසුගිය සැප්තැම්බරයේ සිට පාසල් යන්නට පටන් ගත්තු පුංචි ජෝර්ජ් කුමාරයා මේ වන විට ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.

  • By Team Shades of lotus

552total visits,2visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *