AuthorAruni

චාරිකාව එක්ක ගමනක් යන සමිත් ගෝමස්

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනස්ම දිශාවකට හැරවෙන යුගයක් මෑතක සිට උදාවී තිබෙනවා. ඒ වෙනසත් සමඟ අලුත් ගීත අර්ථ රසයෙන්  යුතුව නිර්මාණය වීම සංගීත ක්ෂේත්‍රයේ නව්‍යතාවක්  බවට පත් වෙලා. එවැනි නිර්මාණඅතර ” චාරිකාව ” එක් සුවිශේෂී නිර්මාණයක්. රැප් සංගීතය හා මුසු වු අර්ථාන්විතව පද ගැලපූ මෙම නිර්මාණය ගැන කතා කරන්න සමිත් ගෝමස් Shades of Lotus සමඟ එකතු වුණා.  සමිත් චාරිකාව බිහිවුණේ කොහොමද ? මිට අවුරුදු 2 කට විතර  කළින් මම  ” සුදු ඇතිරිළි ” කියලා වෙනත් Beat එකකට Track එකක්  නිර්මාණය කරා. නමුත් ඒක මට හරියට අවසන් කරගන්න බැරි වුණා. 2018 දී මම ළහිරු සන්දීප්  කියන සංගීත ශිල්පියා හඳුනාගන්නවා.ඒ ඔහුගේ “අප්පච්චී ”  කියන  ගීත නිර්මාණයත් එක්ක.. ඔහුගෙන් ආරාධනාවක් ලැබුණා Track එකක් කරමු කියලා. ඔහු මට එවපු විදිහේ Track එකක් මම කළින්කරලා තිබුණේ නැහැ.මුලින්ම කරන්න බැරිවෙලා නවත්තපු Track එකේ වචන මේකට ගැලපෙන නිසා ඒක අලුත්ගීතයට සම්බන්ධ කරලා නැවත නිර්මාණය කරා. ලංකාවේ දක්ෂ ගායකයෙක් වෙන සුපුන් පෙරේරාත් මේගීතයට ගායනයෙන් සම්බන්ධ වෙනවා. ගීතය Record කරේ මහරගම පන්සලක. මීට කළින් ජීවිතේ කිසිම දවසක පන්සලක Rap කරලා නැහැ.  ඒ නිසා ඒක මට සුවිශේෂී අත්දැකීමක් වුණා. මෙම ගීතයට ගැළපෙනම ස්ථානයක ,ගැළපෙනම  පුද්ගලයන් එක්ක නිර්මාණ කටයුතු කිරීමට හැකි වුණු නිසා මම හිතනවා නිර්මාණය සාර්ථකයි කියලා. ගීතය අහපු හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තිබුණා. Rapper කෙනෙක් විදිහට මුලින්ම ක්ෂේත්‍රයට ආ ගමන සිහිපත් කලොත් ? මම මුලින්ම පටන් ගත්තේ 2005දී. ඒ කාලේ Rap ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. කාලයක් යද්දී ඒ තත්වය වෙනස් වෙන්න  පටන් ගත්තා. රවී ජයවර්ධන ඇතුළු  අපි කිහිප දෙනෙක්  එකතු වෙලා නිර්මාණ කිහිපයක්කරා. Drill Team එකේ දෙවියන්ගේ  බාරේ ඇහුවට පස්සේ  , සිංහල Rap එකක් මේ තරම් සාර්ථක ලෙස කරන්න පුළුවන් නේද කියනදේ අපට  හැඟුණා.  ඊට පස්සේ තමයි රවී එක්ක එකතුවෙලා තවත් නිර්මාණ කරන්න ගත්තේ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඔබව හැඳින්වූයේ ” ගැන්ස්තර ” නමින් ? ඔව්. නමුත්  මම කිසිම තැනක මගේ නම ගැන්ස්තර නමින් හඳුන්වලා නැහැ. මම ගීතයක් කරා  ” ගැන්ස්තර “කියලා. ඒ කාලේ ඒ ගීතයට බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර තිබුණා Old School Style එක නිසා.  ඒ ගීතය නිසාහැමෝම මාව ගැන්ස්තර නමින් හඳුනාගන්වන්න ගත්තා. Old School Rapper කෙනෙක් විදිහට ඔබ කරලා තියෙන්නේ නිර්මාණ අඩු ප්‍රමාණයක් නමුත් සැලකිය යුතුප්‍රමාණයේ ‍රසික රසිකාවියන් පිරිසක් ඔබවටා ඉන්නවා. මොකක්ද ඒකට හේතුව?  Old School Rap Style එකට මම ගොඩක් කැමතියි. ඒ නිසයි මමත් ඒ Style එකට  මගේ නිර්මාණ කරන්නගත්තේ. ලංකාවේ ගත්තම Old School Rappers ලා ඉන්නේ  සීමිත ප්‍රමාණයක්. ඒ වගේම Old School Style එකට කැමති යම්පි රිසක් පමණයි.  යම් නිර්මාණයක් ආවට ගියාට කරන්න බැහැ. මම නිර්මාණක් කරලා මමම ගොඩක්  පාරක් අහනවා. මම ඒ නිර්මාණය පිළිබඳ තෘප්තිමත් නම් තමයි ඒක අනිත් අයට අහන්න සලස්වන්නේ. * සමිත් ගෝමස්ට ක්ෂේත්‍රයේ තුළ යම් පිරිසකගෙන් ප්‍රබල චෝදනාවක් තියෙනවා Diss Tracks කරනවා , Diss Tracks කරොත් විතරයි  සමිත් ගෝමස්ගේ නිර්මාණ  ප්‍රසිද්ධ  වෙන්නේ කියලා. මේ කතාව ඇත්තද? Diss […]

Continue Reading