තාක්ෂණයත් එක්ක දිනෙන් දින දියුණුවෙන ලෝකේ අපි හරිම කාර්යබහුලයි. අපේ ජීවිත සීමා මායිම් ඇතුළේ කොටුවෙලා. නිදහසේ කොහේ හරි යන්න, ආදරණීයන් මුණගැහෙන්න , ටිකක් වෙලා කථා කර කර ඉන්න, කැමති දෙයක් කන්න බොන්න තියෙන වෙලාව ඉතාම ඉතාම සීමිතයි. ඉතිං මේ සීමා වූ කාලය ඇතුළේ තමන්ගේ ආදරණියන් එක්ක තියෙන බැදීම් ශක්තිමත් කර ගන්න අලුත් බැදීම් ඇති කරගන්න, මොහොතක් එක්ව ගත කරන්න, එකට එකතු වෙලා ගිහින් කාලා බීලා එන්න පුළුවන් කොළඹ අවට ඇති අපූරු තැන් 10 ක් ගැන කියන්නයි Shades of Lotus අපගේ මේ සූදානම.
01. The Embazzy
කොළඹ 7 , Flower Road එකේ අංක 76/01 ස්ථානයේ පිහිටා ඇති මෙහි වාහන නවතා තැබීමටද ඉඩ පහසුකම් තිබේ. වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්ප රටා වලින් යුතුව කාගෙත් ආකර්ශණයට ලක්වෙන තැනක් වන මෙය පොත්පත් කියවීමට , ලැප්ටොප් පරිගණක ආශ්රිත කටයුතු සිදුකර ගැනීමට පහසු අයුරින් සකස් කර ඇත. විවිධ රටවල ප්‍රණීත ආහාර පාන වර්ග මෙහිදී රස විඳිය හැක.
02. Taco Bell
කොළඹ 7 හෝර්ටන් පෙදෙස අංක 36 දරණ ස්ථානයේ පිහිටි මෙය පසුගිය දවස්වල අතිශයින් ජනප්‍රිය වූ ස්ථානයකි. ආහාර ලෝලීන් හට මෙක්සිකානු ක්‍රමයට සකස් කළ විවිධ ආහාර මෙහිදී රස විඳිය හැක. වාහන නැවතීමේ පහසුකම් ද ඇත.
03. Isso
ඉස්සෝ කන්න කැමති පිස්සොන්ට කියාපු තැනක් තමයි මේ කොළඹ Havelock Town , Sulaima Terrace හී අංක 2 දරණ ස්ථානයේ පිහිටි Isso Restaurant එක. විවිධ රසයෙන් යුතුව විවිධ ක්‍රමයට සැකසූ ඉස්සන්ව මෙහිදී රස විඳිය හැක. 011 7770300 හෝ www.isso.lk සමඟ සම්බන්ධ වී මෙම රසවත් ඉස්සන්ව ඔබට නිවසට ගෙන්වා ගත හැක.
04. Cafe Kumbuk
කොළඹ හෝර්ටන් පෙදෙසේ අංක 6 දරණ ස්ථානයේ පිහිටි මෙය උදේ 8 සිට හවස 6 දක්වා විවෘත ඇත. සෞඛ්‍ය ආරක්ෂිත පෝෂ්‍යදායි ආහාරවලින් යුතු මෙහි වටාපිටාව කාගෙත් ආකර්ශණයට ලක්වේ.
05. The Sugar Shack & Tosakanth’s Roast Paan
මෙම ස්ථානය දෙකම කොළඹ 5 ද ෆොන්සේකා මාවතේ අංක 20 දරණ ස්ථානයේ පිහිටා ඇත. හවස් යාමේ යාළුවෝ එක්ක Cup Cake එකක් කන්න යන්න හොඳ තැනක් ලෙස The Sugar Shack හැඳින්විය හැක. Tosakanth’s Roast Paan වෙතින් ඔබ කැමති රසයෙන් යුතුව රෝස් පාන් වලින් සැකසූ ආහාර අනුභව කළ හැක. තවද ඔබගේ විශේෂ අවස්ථාවන් සඳහා අවශ්‍ය රෝස් පාන් ආශ්රිත ඇනවුම් ඔවුන් විසින් සකස් කර දෙනු ලැබේ.
06. Bakes by Bella
මෑත කාලයේ Food Lovers ගේ තවත් ආකර්ශණයට ලක් වූ ස්ථානයක් තමයි Bakes by Bella කියන්නේ.කොල්ලුපිටිය Alfred House Avenue හී අංක 8 A දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන මෙහි කේක්, අතුරුපස වර්ග , විවිධ බීම වර්ග ඇතුළු කෑම වට්ටෝරු විශාල ප්රණාමයකින් යුක්තයි. උපන්දින සාද, සැමරුම් පැවැත්වීමට සුදුසු ස්ථානයකි.
07. Plunkett Posh Kottu
පාර අයිනේ සද්දෙට දාන කොත්තු කන්න අකමැති අයට පොෂ් විදිහට කොත්තු කන්න නම් ඩුප්ලිකේෂන් පාරේ අංක 375 දරණ ස්ථානයේ පිහිටි Plunkett Posh Kottu වෙත යන්න පුළුවන්. පිරිසිදුව ඉතා ප්‍රණීත ලෙස විවිධකාරයෙන් සකස් කළ කොත්තු වර්ග මෙහිදී රස විඳිය හැක.
08. Pasta Mania
ඉතාලි ක්‍රමයට සැකසූ පැස්ටා වගේම පීසා කන්න කැමති කෙනෙක් නම් ඔබ යා යුත්තේ කොළඹ 3 R.A. ද මැල් මාවතේ අංක 502 දරණ ස්ථානයේ Pasta Mania වෙතයි. ලෝකය පූරා Pasta Mania අවන්හල් පිහිටා තිබේ. විවිධ ක්‍රමයට සැකසූ පැස්ටා, පීසා වගේම තවත් ආහාර පාන වර්ග කිහිපයක්ම ඔබට මෙහිදී රසවිඳිය හැක.
09. Butter Boutique
හවස වැඩ ඉවර වෙලා යන ගමන් නැතිනම් Weekend එකට යාළුවෝ එක්ක ආදරණීයන් එක්ක Cake කෑල්ලක් කාලා Coffee එකක් බොන්න තැනක් හොයනවා නම් ඒ හොඳම තැන තමයි කොළඹ 7 රෝස්මේඩ් පෙදෙසේ අංක 70 දරණ ස්ථානයේ පිහිටි Butter Boutique එක. විවිධ වර්ගයේ Cake වල රස ඔබට මෙහිදී විඳගත හැක.
10. Calorie Counter
අපි කන බොන දේවල් මත අපේ ශරීර සෞඛ්‍යය යහපත්ද නැද්ද තීරණය කරනවා. ඉතිං අපේ ආහාර වේල රසවත්ව මෙන්ම ගුණදායී ලෙස සකස්කර දෙන තැනක් ලෙස Calorie Counter හඳුන්වාදිය හැක. කොළඹ 7 වෝඩ් පෙදෙසේ අංක 59 දරණ ස්ථානයේ පිහිටි මෙහිදී ඔබට ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර පාන වර්ග රසවිඳිය හැක.
සටහන – දිලිනි උදාරි
1569total visits,1visits today