Mr, Mrs, Ms Sri lanka in Europe නොවැම්බරයේ දී

ඉෂි බියුටි සැලෝන් විසින් විසින් 2016 දී යුරෝපයේ ප්‍රථම වතාවට සංවිධානය කළ විවාහක රූ රැජින තරගාවලිය යුරෝපය තුළ අනභිබවනීය වෙනසක් ඇති කලේය.

එහිදී විනිශ්චය මණ්ඩලය ලෙස රෝසි සේනානායක මහත්මිය,ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය ඉතාලියේ විශිෂ්ට ව්‍යාපාරිකාවක් වෙන ශිරෝමි පෙරේරා ඇතුලු තවත් එරට නියෝජිතවරු සහභාගි වීය.

මෙවරද ඉෂි බියුටි සැලෝන් අධ්‍යක්ෂිකා ඉෂි පීරිස් සහ සුරංග සඳරුවන් විසින් සංවිධානය කරන Mr/Mrs/Ms Sri lanka in Europe තරගාවලිය 2018.11. 18 වන දින Crown plaza හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ විශේෂිතම පරමාර්ථය වන්නේ,විශේෂිත මුදල්මය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා පියයුරු පිළිකා ආයතනයට ලබා දීමයි.මෙහිදී විකිණෙන සෑම ටිකට්පතකින්ම,කොටසක් ඒ සඳහා යොමු කිරීමට නියමිතය. ජයග්‍රාහිකාව හෝ ජයග්‍රහකයන් ප්‍රදර්ශන රථවල තබාගෙන පිළිකා සංගමයේ නිල ලාංඡ්න ප්‍රදර්ශනය කරමින් වීදි සංචාරය නොකරන අතර ප්‍රායෝගිකවම පිළිකා සංගමය වෙනුවෙන් සෘජුවම මුදල් ආධාර ලබා දීම මෙම තරගාවලියේ මුඛ්‍ය පරමාර්තයක් වීම මෙහි විශේෂත්වයයි.

තරග සංවිධායක
00393270706161
0763746579
මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි
0773104692

 

315total visits,1visits today

1 thought on “Mr, Mrs, Ms Sri lanka in Europe නොවැම්බරයේ දී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *