චාරිකාව එක්ක ගමනක් යන සමිත් ගෝමස්

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනස්ම දිශාවකට හැරවෙන යුගයක් මෑතක සිට උදාවී තිබෙනවා. ඒ වෙනසත් සමඟ අලුත් ගීත අර්ථ රසයෙන් යුතුව නිර්මාණය වීම සංගීත ක්ෂේත්‍රයේ නව්‍යතාවක් බවට පත් වෙලා. එවැනි නිර්මාණ අතර ” චාරිකාව ” එක් සුවිශේෂී නිර්මාණයක්. රැප් සංගීතය හා මුසු වු අර්ථාන්විතව පද ගැලපූ මෙම නිර්මාණය ගැන කතා කරන්න සමිත් ගෝමස් Shades of Lotus සමඟ එකතු වුණා.

 සමිත් චාරිකාව බිහිවුණේ කොහොමද ?

මිට අවුරුදු 2 කට විතර කළින් මම ” සුදු ඇතිරිළි ” කියලා වෙනත් Beat එකකට Track එකක් නිර්මාණය කරා. නමුත් ඒක මට හරියට අවසන් කරගන්න බැරි වුණා. 2018 දී මම ළහිරු සන්දීප් කියන සංගීත ශිල්පියා හඳුනාගන්නවා.ඒ ඔහුගේ “අප්පච්චී ” කියන ගීත නිර්මාණයත් එක්ක.. ඔහුගෙන් ආරාධනාවක් ලැබුණා Track එකක් කරමු කියලා. ඔහු මට එවපු විදිහේ Track එකක් මම කළින්කරලා තිබුණේ නැහැ.මුලින්ම කරන්න බැරිවෙලා නවත්තපු Track එකේ වචන මේකට ගැලපෙන නිසා ඒක අලුත්ගීතයට සම්බන්ධ කරලා නැවත නිර්මාණය කරා. ලංකාවේ දක්ෂ ගායකයෙක් වෙන සුපුන් පෙරේරාත් මේ ගීතයට ගායනයෙන් සම්බන්ධ වෙනවා. ගීතය Record කරේ මහරගම පන්සලක. මීට කළින් ජීවිතේ කිසිම දවසක පන්සලක Rap කරලා නැහැ. ඒ නිසා ඒක මට සුවිශේෂී අත්දැකීමක් වුණා. මෙම ගීතයට ගැළපෙනම ස්ථානයක ,ගැළපෙනම පුද්ගලයන් එක්ක නිර්මාණ කටයුතු කිරීමට හැකි වුණු නිසා මම හිතනවා නිර්මාණය සාර්ථකයි කියලා. ගීතය අහපු හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තිබුණා.

Rapper කෙනෙක් විදිහට මුලින්ම ක්ෂේත්‍රයට ආ ගමන සිහිපත් කලොත් ?

මම මුලින්ම පටන් ගත්තේ 2005දී. ඒ කාලේ Rap ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. කාලයක් යද්දී ඒ තත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. රවී ජයවර්ධන ඇතුළු අපි කිහිප දෙනෙක් එකතු වෙලා නිර්මාණ කිහිපයක්කරා. Drill Team එකේ දෙවියන්ගේ බාරේ ඇහුවට පස්සේ , සිංහල Rap එකක් මේ තරම් සාර්ථක ලෙස කරන්න පුළුවන් නේද කියනදේ අපට හැඟුණා. ඊට පස්සේ තමයි රවී එක්ක එකතුවෙලා තවත් නිර්මාණ කරන්න ගත්තේ.

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඔබව හැඳින්වූයේ ” ගැන්ස්තර ” නමින් ?

ඔව්. නමුත් මම කිසිම තැනක මගේ නම ගැන්ස්තර නමින් හඳුන්වලා නැහැ. මම ගීතයක් කරා ” ගැන්ස්තර “කියලා. ඒ කාලේ ඒ ගීතයට බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර තිබුණා Old School Style එක නිසා. ඒ ගීතය නිසාහැමෝම මාව ගැන්ස්තර නමින් හඳුනාගන්වන්න ගත්තා.

Old School Rapper කෙනෙක් විදිහට ඔබ කරලා තියෙන්නේ නිර්මාණ අඩු ප්‍රමාණයක් නමුත් සැලකිය යුතුප්‍රමාණයේ ‍රසික රසිකාවියන් පිරිසක් ඔබවටා ඉන්නවා. මොකක්ද ඒකට හේතුව?

Old School Rap Style එකට මම ගොඩක් කැමතියි. ඒ නිසයි මමත් ඒ Style එකට මගේ නිර්මාණ කරන්නගත්තේ. ලංකාවේ ගත්තම Old School Rappers ලා ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ වගේම Old School Style එකට කැමති යම්පි රිසක් පමණයි. යම් නිර්මාණයක් ආවට ගියාට කරන්න බැහැ. මම නිර්මාණක් කරලා මමම ගොඩක් පාරක් අහනවා. මම ඒ නිර්මාණය පිළිබඳ තෘප්තිමත් නම් තමයි ඒක අනිත් අයට අහන්න සලස්වන්නේ.

සමිත් ගෝමස්ට ක්ෂේත්‍රයේ තුළ යම් පිරිසකගෙන් ප්‍රබල චෝදනාවක් තියෙනවා Diss Tracks කරනවා , Diss Tracks කරොත් විතරයි සමිත් ගෝමස්ගේ නිර්මාණ ප්‍රසිද්ධ වෙන්නේ කියලා. මේ කතාව ඇත්තද?

Diss Tracks කියන්නේ නරක දෙයක් නෙවෙයි.ලෝකයේ ගත්තොත් Diss වලින් තමයි Rap ඉස්මතුවෙලා ඉදිරියට ආවේ. Battle Rap හරහා මේ දේවල් ලෝකයේ මිනිස්සු අතරට ගියා. ඒක Rap වල හොඳප්‍රවණතාවයක්. මම ගොඩක් Diss Tracks කරලා නැහැ. එකයි කරේ ඒකේ නම “දෙස්” . චෝදනා කරන්න තරම් ඒක ප්‍රසිද්ධ වුණා කියන්නේ ඒ නිර්මාණය හරහා දුන්නු පණිවිඩේ අදාළ පාර්ශවයන් හරියට ග්‍රහණය කරගෙන තියෙනවා කියන එක. ලංකාවේ Hip Hop King කියාගෙන ඉන්න සමහරු ලංකාවේ සංගීත ක්ශේත්‍රයට කරන විනාශය , Negative Marketing හරහා ඒ පිරිස Rap සංගීතයට කරන විනාශය අපිට බලන් ඉන්න බැහැ. මේව බලලා මිනිස්සු පොදුවේ බනින්නේ Rappers ලාට. අපිට ඕනේ වුණේ මිනිස්සුන්ගෙන් එන චෝදනාවලට පිළිතුරක්විදිහට ඒ ගීත සම්බන්ධයෙන් අපගේ මතය ඉදිරිපත් කරන්න.

Rap Battles සහ Sel fieRap කියන දේ ලංකාවේ Rappers ලා හරියට වැළඳගත්තාද? ඒකෙන් ලංකාවේ Rapවලට මොනවගේ බලපෑමක්ද ආවේ?

Selfie Rap හරහා ලංකාවේ මිනිස්සු අතරට ගිය Rap කියන දේ හොයන්න පටන් ගත්තා. අලුත් දක්ෂතා ඇති අය එළියට ආවා. ඒ ඔස්සේ සමහර අය කරපු නිර්මාණ නිසා සිංහල Rap බොහෝ පහත් මට්ටමකට වැටුණා. බාල වර්ගයේ නිර්මාණ බිහි වුණා. අපි Rap එකක් කරනවා නම් තවත් Rap අහන්නේ නැති කෙනෙක් අහන්න පෙළඹෙන පරිදි හොඳ නිර්මාණයක් කරන්නයි ඕනි. ඒත් මෑත කාලීනව බිහි වුණු නිර්මාණයන් දැක්කම මිනිස්සු Rapවලට බනින එක සාධාරණයි .

සංගීත රූපරචනයක් ප්‍රසිද්ධ කිරීමට නිරුවත හා මත් ද්‍රව්‍ය භාවිතය  පිළිබඳ Rapper කෙනෙක් විදියට ඔබගේ මතය කොයිවගේද?

ඒ දෙකම ගීතයක් මිනිස්සු අතරට යන්න අවශ්‍ය දේවල් නෙවෙයි. නිරුවත කියන්නේ කැත දෙයක් නෙවෙයි. ඒක කලාවක්. ඒත් නිරුවත කියන දේ නිර්මාණය තුළ භාවිතාවෙන විදිහ අනුව තමයි නිර්මාණයේ ගුණාත්මකභාවය තීරණය වෙන්නෙ. මත් ද්‍රව්‍ය භාවිතයත් එහෙමයි. සමාජයේ පොරක් කියලා පෙන්වන්න මත් ද්‍රව්‍ය යොදා ගන්නවානම් ඒක නිර්මාණකරුවාගේ දුර්වලතාවයක්. ලංකාවේ නිර්මාණ තුළ නිරුවත , මත් ද්‍රව්‍ය භාවිතා වෙන විදිහයි අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.

ඉදිරියේ දී එන්න තියෙන අලුත් නිර්මාණ මොනවද ?

ඉදිරියේ Tracks දෙකක් එන්න තියෙනවා වෙනස්ම විදිහේ.එකක් යුකී නවරත්නත් එක්ක කරපු ” හිස් අත් “කියලා ගීතයක්. දැනටමත් ඒකේ වැඩකටයුතු බොහොමයක් අවසන් කරලා තියෙන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි රවී ජයවර්ධන නැති නම් අද මම මෙතන නැහැ. ඒ වගේ
Drill Team එකත් මතක් කරන්න ඕනි.


දිලිණි උදාරි දිසානායක

8007total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *