ට්‍රුප්ම්ගේ බෑග් එක බලන්න කැමතියි – ශෂිනි සිරිවර්ධන

ශෂිනි නිතරම හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා ද ?

  • ඔව් නිතරම. හෑන්ඩ් බෑග් එක මට නැතිවම බැරි දෙයක්. එකේ තමයි මගේ ඔක්කොම බඩු තියෙන්නේ.. සාමාන්‍යයෙන් හතලිහක විතර හෑන්ඩ් බෑග් එකතුවකුත් මට තියෙනවා. හැබැයි වැඩිපුරම භාවිතා වෙන්නේ කිහිපයක් විතරයි.

සාමන්‍යයෙන් ශෂිනිගේ හෑන්ඩ්බෑග් එකේ තියෙන්නේ මොනවා ද ?

  • මගේ වොලට් එක අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම මගේ ගෙදර සහ කාර් එකේ යතුරු, අවශ්‍යම කරන මේකප් බඩු ටික අහුරපු පසුබියක්, වෙට් ටිෂු ඩ්‍රයි ටිෂු තියෙනවා. ඊට අමතරව ඇන්ටි බැක්ටිරියල් පොඩි හෑන්ඩ් වොෂ් එකක් තියෙනවා. මන් ආසම ජාතියේ සුවද විලවුන් පුංචි බෝතලයක් තියෙනවා. හදිසියට ලොකු බෝතලුත් දාගෙන යනවා. බෑග් එක නිතරම මාරු වෙද්දී මාරු වෙන්නේ නැති දේවල් ටිකකුත් ඉදලා හිටලා තියෙනවා. ඩ්‍රයිවින් ලයිසන් එක අනිත් බෑග් එකේ වගේ. මින්ට් එකක් අනිවාර්යෙන් තියෙනවා. පොඩි හෑන්ඩ් ක්‍රීම් එකක්, සහ මගේ විශේෂම රෝස වතුර බෝතලයකුත් තියෙනවා. ඒක පන්ති වලදී නිදිමත ආවහම ඒක ස්ප්‍රේ කරාම ෆ්‍රෙෂ් ගතියක් එනවා. ඒක සුවදයි. හමටත් හොදයි. තව මගේ ළඟ බෙහෙත් එහෙම තියෙනවා. මන් නිකම් ඇවිදින ෆාමසියක් එකක් වගේ. මගේ යාලුවොත් හදිසියට මගෙන් තමා බෙහෙත් ඉල්ලන්නේ. නිතරම ඕනිම හදිසියකට අවශ්‍ය කරන බෙහෙත් දාපු පසුමිබියක් මගේ බෑග් එකේ තියෙනවාමයි.

බෑග් එකේ ආගමික දේවල් තියෙනවා ද ?

  • දළදා හාමුදුරුවන්ගේ ගාථාවක් මුද්‍රණය කරපු එකක් තියෙනවා. මන් පොඩි උදව්වක් කරපු කෙනෙක් මට ඒක දුන්නේ මගේ ආරක්ෂාවට කියලා. ඒක මන් බෑග් එකේ තියාගෙන ඉන්නවා.

කාව හරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුනොත් කාවද අරගෙන යන්නේ ?

  • ධනංජය සිරිවර්ධන කියන නළුවා ව.

බෑග් එකේ තියෙන දේවල් වලින් නැතිවම බැරි දේ මොකක් ද ?

  • මට නැතිවම බැරි දේ මගේ කම්පැක්ට් පවුඩර් එක. මේකප් දැම්මේ නැතත් මන් ටිකක් පවුඩර් එකට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒක නැතිවම බැහැ.

කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ බෑග් එකද ගන්නේ ?

  • මන් ආසයි ජැක්ලීන් ෆර්නැන්ඩස්ගේ බෑග් එකක් ගන්න. එයාට හරි ලස්සන ඩිසයිනර් බෑග් තියෙනවා.

ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුලේ තියෙන දේවල් දැන ගන්න චාන්ස් එකක් ලැබුනොත් කාගේ බෑග් එකද බලන්නේ ?

  • මන් කැමති පිරිමි කෙනෙක් බෑග් එකක් බලන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ.

ඇදුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා ද ?

  • දැනට අවුරුදු දහයකට විතර කලින් එහෙම කාලයක් තිබුණා. ඒ කාලේ ආසයි ඇදුමේ පාටටම හෑන්ඩ් බෑග් පාවිච්චි කරන්න. දැන් නම් ඇදුමට ගැලපෙන විදියට මිසක් පාට ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

ඕනිම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ?

  • ඔව්. ඩිසයින් එක මුලින්ම ලස්සන වෙන්න ඕනි. කොලිටි මෙටිරියල් එකකින් හදලා තියෙන්න ඕනි. ලෙදර් එක එහෙම අල්ලනකොට කොච්චර දවසක් තියේද වගේ. දිග කාලයක් භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනි. මන් හරියටම සිපර් එක ගැන හිතන කෙනෙක්. මන් ආස නැහැ විවෘත වුන බෑග් වලට. මගේ බඩු අසුරන්න හැකියාවක් තියෙනවාද කියලත් බලනවා. ඒ වගේම බ්‍රෑන්ඩ් එකයි ගානයි ගැනයි සැලකිලිමත් වෙනවා. ඉස්සර නම් බෑග් වලට ගොඩක් මුදල් වියදම් කරා. නමුත් මේ කාලේ රටේ තත්වේ එක්ක බලනකොට බෑග් එකකට විශාල මුදලක් වියදම් කිරීම අපරාදේ කියල හිතෙනවා.

හෑන්ඩ්බෑග් එකක් තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ?

  • ධනංජය තමා බෑග් ගොඩක් ගෙනවිත් දීලා තියෙන්නේ. එයා රටරටවලට ගියාම බෑග් එහෙම අරන් එනවා. ඒ වගේම මගේ යාලුවොත් බෑග් තෑගී දුන්න අය අතර ඉන්නවා.

හෑන්ඩ්බෑග් එක ටික වෙලාවකට කා ගාව හරි තියල යන්න ඕනි වුනොත් ශෂිනි බෑග් එක තියලා යන්නේ කා ගාව ද ?

  • ගොඩක් විශ්වාසවන්ත මගේ යාළුවො කිහිපදෙනෙක් ඉන්නවා. ඊට අමතරව ධනංජය ඇතුළු අපේ පවුලේ ඕනිම කෙනෙක් ළඟ බෑග් එක තියලා යනවා. එයාලා හැමෝම විශ්වාසයි.

අරුණි කළුපහන – සතිඅග අරුණ පුවත්පත 

778total visits,5visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *