ස්ට්‍රෝබෙරි ගෙඩියක තැවරුණු බල්ලෙක්ගේ ආදරය

බෙන්ජි කියන්නේ පුංචි බලු පැටවෙක්. මිනිසුන් විසින්ම තමන්ගේ අයගෙන් බෙන්ජිව ඈත් කරන නිසා බෙන්ජි හැදෙන්නේ තනියම. පාරෙන් අහුලා ගන්න දෙයක් කාලා කොහේ හරි මුල්ලකට වෙලා වැතිරලා ඉන්න බෙන්ජි ආයෙත් මිනිසුන්ගෙන් හැංගෙන්න එහෙට මෙහෙට දුවනවා. ඒ ජීවිතය බෙන්ජිට ලේසි නැහැ. හැබැයි අසීරුවෙන් හරි බෙන්ජිට ජිවිතේ එහෙම ගෙවන්නම වෙනවා.

බෙන්ජිට ජිවිතේ මහා ලොකු බලාපොරොත්තු හීන නැහැ. තියෙන අත්දැකීම් වල හැටියට බෙන්ජි කාටවත් ලං වෙන්නත් කැමති නැහැ.

හැබැයි දවසක ස්ට්‍රෝබෙරි ගෙඩියක් එක්ක එන පුංචි පිරිමි ළමයෙක් තනියම ඔහේ ජිවත් වෙන බෙන්ජිගේ ජිවිතේ වෙනස් කරනවා. බෙන්ජිට ආදරේ ගැන බලාපොරොත්තුවක් අරමුණක් දෙනවා. ඊට පස්සේ බෙන්ජිට ජිවත් වෙන්න හේතුවක් ඇති කරනවා.

කවුරුත් නොහිතපු විදියට එක දවසක බෙන්ජි තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැතිව ඒ ආදරේ වෙනුවෙන් හරිම අපුරු දෙයක් කරනවා. ඒ ගැන දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා.

463total visits,10visits today

2 thoughts on “ස්ට්‍රෝබෙරි ගෙඩියක තැවරුණු බල්ලෙක්ගේ ආදරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *