පවන අතරින්

දවන ගිනිදළු
හිතින් නිව නිව
පවන අතරින්
සුවඳ සොය සොය
තවත් ගිම්හානයක් ඇවිදින් වගේ
ජිවිතය එක තැනම නැවතී නගේ

තැවෙන ඉහිලුම්
නොදෙන සිතුවිලි
බිඳෙන සුසුමන්
අතර රැඳි රැඳි
මතකයන් හෙමි හෙමින් ඉකිලන රැයේ
නුඹේ අකුරක පහස සොයනෙමි නගේ

පවස නුඹෙ ඇස්
අගින් නිම වුණ
දවස තව බෝ
දුරයි දැනුණම
ආදරේ නෙත් රුධිරයෙන් ඇදහැලේ
මේ සුසුම් නෙත ගැටෙනවාදෝ නගේ

  • ලක්ෂාන් වත්තුහේවා

also read : http://shadesoflotus.com/ලිතියම්-අයන්-වෙත/

275total visits,3visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *